ජිවිත මතකයන්ගේ තවත් පරිච්චේදයක අවසානය.මේ ගැන ලියන්නම ඕනේ කියල හිතුන අවරුදු හතරකට පස්සේ ලියවෙන පළමු සටහන. අරගෙන කොකොතනින් ඉවර කරගන්නද කියල හිතාගන්න බැහැ.අවරුදු හතරක් පුරාවට ඒ ගෙවුන විශ්ව විද්‍යාල ජීවිතය සාර්ථකද අසාර්ථකද කියන්න තේරෙන්නේ නැහැ.
මුලින්ම පත්තරේ දැන්වීම දැකපු දවසේ ඉදන්ම හිතේ පොඩි ආසාවක් තිබ්බ කොහොමහරි ඇතුලට යන්න. තෝරාගැනීමේ විභාගයට මුහුණ දුන්නේ සහ සම්මුක පරික්ෂණයට ගියේ නීති උපාධි අපේක්ෂකයෙක් හැටියට වුනාට අන්තිමට යන්න උනේ තොරතුරු තාක්ෂණ උපාධි අපේක්ෂකයෙක් හැටියට. කොහොමහරි ඇතුලට යන්න පුළුවන් වුණා. නායකත්ව පුහුණුව සති තුනක් බොහොම විනෝදයෙන් ගෙවිල ගියා. 2014 ජනවාරි ඉදන් 2017 දෙසැම්බර් වන තුරු ඒ ගෙවුන ජීවිතේ රසවත්ම කාලයක්.
මේ මතක සටහන තියන වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ සහෝදර සහෝදරයෝ ටික. පන්තියේ හැමෝම පුළුවන් හැම විදිහටම උදව් කළා.චමිය,මියුරු , යුක්ති, චම්පි , නදුන්,හිරාන්,ලකිසුරු, නුවංග තිලිණි ඔය කිව්වා ඔය වගේම නම් නොකියපු මගේ සහෝදර සහෝදරියෝ හැමෝගෙම උදව්වෙන් මේ අව්රුදු හතර කොහොම හරි ගොඩ දාගත්ත. ඒ වගේම අසේල සර් නන්දන සර් ඇතුළු උගන්නපු හැම ගුරුවරයෙක්ම ආදරෙන් මතක් කරනවා. මගපෙන්වීම උපරිමයෙන් ලබා දුන්න. ඒ හැමදේටම ණයගැති. ඉස්කෝලේ වගේම කවදාවත් අමතක නොවෙන තැනක් අකමැත්තෙන් උනත් දල යන්න වෙනවා.
ඒ වගේම ඒ ගෙවුණු අවරුදු හතරේ රත්මලානේ ගෙවපු ජීවිතයත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ජීවිතය සමාජය තේරුම් ගන්න ගොඩක් උදව් වුන අවරුදු හතරක්.
අවරුදු හතරක් පුරාවට සමාජය ගැන ලෝකය ගැන ගොඩක් දේවල් කියල දුන්න ආරක්ෂක විශ්ව විද්‍යාල මාතාව සද කල් වැජබේවා!!
මතක සටහන්
Monday, August 13, 2018
Wednesday, September 25, 2013
අතීතාවර්ජනය
ජීවිතේ ගැන කියද්දි ගොඩක් දේවල් මතක්වෙනව. මේ ලියන ලිපිය ඉවරකරන්න පුළුවන් වෙයිද කියල්ත් සැකයි ඒතරම් ලස්සන වගේම ගොඩක් දුක හිතතෙන මතකයන් ගොඩක් හිත ඇතුලෙ තියෙනව. වැඩි ඈතකට යන්නෙ නැතිව උසස්පෙළ විභාගෙන් පස්සෙ ජීවිතේ මතකයන් කතා කළොත් හොදයි කියල හිතුන.
මම මගේ අළුත් ඉස්කොලෙට ආවෙ 2007 ජූනි මාසෙ 11 වෙනිද. බලාපොරොත්තු ගොඩක් හිතේ තිබුන.ඉස්කෝලෙන් මට ගොඩක් දේවල් ලැබුන. ඒකෙන් මට ලැබුන වටිනාමදේ මගෙ යාළුවො කියලයි මම හිතන්නෙ. අපි ඇත්තටම සහොදරයො. අපි එක එක පන්තිවල අය වුනත් හැමදාම උදේට ඉස්කෝලෙ පටන්ගන්න කලින් ප්‍රධාන ශාලාවට ඇවිත් හම්බෙලා කතා කරල තමයි අපි පන්ති වලට ගියෙ.ඒ බැදීම අදටත් අපේ හිත්වල තියෙනව.
හෙමින් හෙම්න් කාලෙ ගෙවිල 2009 අවුරුද්ද ආව. මට හිතෙන විදිහට මගේ ජීවිතේ අවාසනාවන්තම අවුරුද්ද තමයි 2009 අවුරුද්ද. මම හිතන විදිහට ජීවිතේ මනුස්සයෙක්ට විදින් වෙන අමාරුම වේදනා වලින් එකක් හුස්ම ගන්න බැරි වෙන එක. හරියටම 2009 අප්‍රේල් 3 වෙනිද හවස වරුවෙ ඉදන් පහුවදා දවල් වෙනකන් මටත් ඔය වේදනාව දරන්න සිද්ද වුනා. පරීකෂණ කරල අන්තිමට අප්‍රේල් 25 වෙනිද ශල්‍යකර්මෙකුත් කරගෙන අප්‍රේල් 30 වෙනිද ගෙදර ආව. පන්ති යන්නත් නැති වුනා. මාස 3නක් ගෙදරටම හිර වුනා. ගුරුවරු,අම්ම,තාත්ත එපා කියද්දි මගේ පන්ඩිත කමට විභාගෙ කරල වව්ලො දෙන්නෙකුයි එක එස් එකකුයි ගත්ත. මම දන්නව ඒ පළවෙනි පාර ආවෙ මගෙ ප්‍රතිඵල නෙවෙයි කියල. මම ඒ ප්‍රතිඵල අද පිළිගන්නෙත් නෑ.

Subscribe to:
Comments (Atom)