Wednesday, September 25, 2013

අතීතාවර්ජනය

ජීවිතේ ගැන කියද්දි ගොඩක් දේවල් මතක්වෙනව. මේ ලියන ලිපිය ඉවරකරන්න පුළුවන් වෙයිද කියල්ත් සැකයි ඒතරම් ලස්සන වගේම  ගොඩක් දුක හිතතෙන මතකයන් ගොඩක් හිත ඇතුලෙ තියෙනව. වැඩි ඈතකට යන්නෙ නැතිව උසස්පෙළ විභාගෙන් පස්සෙ ජීවිතේ මතකයන් කතා කළොත් හොදයි කියල හිතුන.
මම මගේ අළුත් ඉස්කොලෙට ආවෙ 2007 ජූනි මාසෙ 11 වෙනිද. බලාපොරොත්තු ගොඩක් හිතේ තිබුන.ඉස්කෝ‍‍ලෙන් මට ගොඩක් දේවල් ලැබුන. ඒකෙන් මට ලැබුන වටිනාමදේ මගෙ යාළුවො කියලයි මම හිතන්නෙ. අපි ඇත්තටම සහොදරයො. අපි එක එක පන්තිවල අය වුනත් හැමදාම උදේට ඉස්කෝලෙ පටන්ගන්න කලින් ප්‍රධාන ශාලාවට ඇවිත් හම්බෙලා කතා කරල තමයි අපි පන්ති වලට ගියෙ.ඒ බැදීම අදටත් අපේ හිත්වල තියෙනව.
හෙමින් හෙම්න් කාලෙ ගෙවිල 2009 අවුරුද්ද ආව. මට හිතෙන විදිහට මගේ ජීවිතේ අවාසනාවන්තම අවුරුද්ද තමයි 2009 අවුරුද්ද. මම හිතන විදිහට ජීවිතේ මනුස්සයෙක්ට විදින් වෙන අමාරුම වේදනා වලින් එකක් හුස්ම ගන්න බැරි වෙන එක. හරියටම 2009 අප්‍රේල් 3 වෙනිද හවස වරුවෙ ඉදන් පහුවදා දවල් වෙනකන් මටත් ඔය වේදනාව දරන්න සිද්ද වුනා. පරීකෂණ කරල අන්තිමට අප්‍රේල් 25 වෙනිද ශල්‍යකර්මෙකුත් කරගෙන අප්‍රේල් 30 වෙනිද ගෙදර ආව. පන්ති යන්නත් නැති වුනා. මාස 3නක් ගෙදරටම හිර වුනා. ගුරුවරු,අම්ම,තාත්ත එපා කියද්දි මගේ පන්ඩිත කමට විභාගෙ කරල වව්ලො දෙන්නෙකුයි එක එස් එකකුයි ගත්ත. මම දන්නව ඒ පළවෙනි පාර ආවෙ මගෙ ප්‍රතිඵල නෙවෙයි කියල. මම ඒ ප්‍රතිඵල අද පිළිගන්නෙත් නෑ.