Monday, August 13, 2018

තවත් පරිච්චේදයක්

ජිවිත මතකයන්ගේ තවත් පරිච්චේදයක අවසානය.මේ ගැන ලියන්නම ඕනේ කියල හිතුන අවරුදු හතරකට පස්සේ ලියවෙන පළමු සටහන. අරගෙන කොකොතනින් ඉවර කරගන්නද කියල හිතාගන්න බැහැ.අවරුදු හතරක් පුරාවට ඒ ගෙවුන විශ්ව විද්‍යාල ජීවිතය සාර්ථකද අසාර්ථකද කියන්න තේරෙන්නේ නැහැ.
මුලින්ම පත්තරේ දැන්වීම දැකපු දවසේ ඉදන්ම හිතේ පොඩි ආසාවක් තිබ්බ කොහොමහරි ඇතුලට යන්න. තෝරාගැනීමේ විභාගයට මුහුණ දුන්නේ සහ සම්මුක පරික්ෂණයට ගියේ නීති උපාධි අපේක්ෂකයෙක් හැටියට වුනාට අන්තිමට යන්න උනේ තොරතුරු තාක්ෂණ උපාධි අපේක්ෂකයෙක් හැටියට. කොහොමහරි ඇතුලට යන්න පුළුවන් වුණා. නායකත්ව පුහුණුව සති තුනක් බොහොම විනෝදයෙන් ගෙවිල ගියා. 2014 ජනවාරි ඉදන් 2017 දෙසැම්බර් වන තුරු ඒ ගෙවුන ජීවිතේ රසවත්ම කාලයක්.
මේ මතක සටහන තියන වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ සහෝදර සහෝදරයෝ ටික. පන්තියේ හැමෝම පුළුවන් හැම විදිහටම උදව් කළා.චමිය,මියුරු , යුක්ති, චම්පි , නදුන්,හිරාන්,ලකිසුරු, නුවංග තිලිණි ඔය කිව්වා ඔය වගේම නම් නොකියපු මගේ සහෝදර සහෝදරියෝ හැමෝගෙම උදව්වෙන්  මේ අව්රුදු  හතර කොහොම හරි ගොඩ දාගත්ත. ඒ වගේම අසේල සර්  නන්දන සර් ඇතුළු උගන්නපු හැම ගුරුවරයෙක්ම ආදරෙන් මතක් කරනවා. මගපෙන්වීම උපරිමයෙන් ලබා දුන්න. ඒ හැමදේටම ණයගැති. ඉස්කෝලේ වගේම කවදාවත් අමතක නොවෙන තැනක් අකමැත්තෙන් උනත් දල යන්න වෙනවා.
ඒ වගේම ඒ ගෙවුණු අවරුදු හතරේ රත්මලානේ ගෙවපු ජීවිතයත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ජීවිතය සමාජය තේරුම් ගන්න ගොඩක් උදව් වුන අවරුදු හතරක්.
අවරුදු හතරක් පුරාවට සමාජය ගැන ලෝකය ගැන ගොඩක් දේවල් කියල දුන්න ආරක්ෂක විශ්ව විද්‍යාල මාතාව සද කල් වැජබේවා!!