ජීවිතේ ගැන කියද්දි ගොඩක් දේවල් මතක්වෙනව. මේ ලියන ලිපිය ඉවරකරන්න පුළුවන් වෙයිද කියල්ත් සැකයි ඒතරම් ලස්සන වගේම ගොඩක් දුක හිතතෙන මතකයන් ගොඩක් හිත ඇතුලෙ තියෙනව. වැඩි ඈතකට යන්නෙ නැතිව උසස්පෙළ විභාගෙන් පස්සෙ ජීවිතේ මතකයන් කතා කළොත් හොදයි කියල හිතුන.
මම මගේ අළුත් ඉස්කොලෙට ආවෙ 2007 ජූනි මාසෙ 11 වෙනිද. බලාපොරොත්තු ගොඩක් හිතේ තිබුන.ඉස්කෝලෙන් මට ගොඩක් දේවල් ලැබුන. ඒකෙන් මට ලැබුන වටිනාමදේ මගෙ යාළුවො කියලයි මම හිතන්නෙ. අපි ඇත්තටම සහොදරයො. අපි එක එක පන්තිවල අය වුනත් හැමදාම උදේට ඉස්කෝලෙ පටන්ගන්න කලින් ප්‍රධාන ශාලාවට ඇවිත් හම්බෙලා කතා කරල තමයි අපි පන්ති වලට ගියෙ.ඒ බැදීම අදටත් අපේ හිත්වල තියෙනව.
හෙමින් හෙම්න් කාලෙ ගෙවිල 2009 අවුරුද්ද ආව. මට හිතෙන විදිහට මගේ ජීවිතේ අවාසනාවන්තම අවුරුද්ද තමයි 2009 අවුරුද්ද. මම හිතන විදිහට ජීවිතේ මනුස්සයෙක්ට විදින් වෙන අමාරුම වේදනා වලින් එකක් හුස්ම ගන්න බැරි වෙන එක. හරියටම 2009 අප්‍රේල් 3 වෙනිද හවස වරුවෙ ඉදන් පහුවදා දවල් වෙනකන් මටත් ඔය වේදනාව දරන්න සිද්ද වුනා. පරීකෂණ කරල අන්තිමට අප්‍රේල් 25 වෙනිද ශල්යකර්මෙකුත් කරගෙන අප්‍රේල් 30 වෙනිද ගෙදර ආව. පන්ති යන්නත් නැති වුනා. මාස 3නක් ගෙදරටම හිර වුනා. ගුරුවරු,අම්ම,තාත්ත එපා කියද්දි මගේ පන්ඩිත කමට විභාගෙ කරල වව්ලො දෙන්නෙකුයි එක එස් එකකුයි ගත්ත. මම දන්නව ඒ පළවෙනි පාර ආවෙ මගෙ ප්‍රතිඵල නෙවෙයි කියල. මම ඒ ප්‍රතිඵල අද පිළිගන්නෙත් නෑ.
මට විභහගෙ එපා වුනාට අඩුම එස් 3නක් අරන් නීති ප්රවෙශය කරන්වත් ඕනෙ කියල හිතුන නිසා ආයි විභහකෙ කරන්න ලෑස්ති වුනා. පන්ති ගියෙත් නෑ පාඩම් කලෙත් නෑ අන්තිමට ප්‍රතිඵල එද්දි කලින් පාර තිබුන වව්ලො දෙන්න එස්වෙලා එස් එක වව්ලෙක් වෙලා ආව. ගොඩක් අය හිනා වුනා කළා විෂයන් කරලත් පාස් වෙන්න බැරි වුනා කියල. ඒ හිනාවෙන් ලොකු ගැම්මක් අරන් පාඩම් කළාට ඒ ගැම්ම වැඩි කල් තිබුවන නෑ. ආයිත් පරණ විදිහටම විභාගෙ එපා වුනා. පන්ති ගියෙ නෑ. යාළුවො උනන්දු කරපු නිසා යාන්තම් සී එකයි එස් දෙනකන් ගොඩගියා.
ඊළග යුද්දෙ පටන් ගන්ත නීති ප්රවෙශය ඒකත් යාන්තම් 53ක් අරගත්ත මෙලෝ දෙයක් පාඩම් නොකර. මේ කාලෙදි මගෙ ජීවිතේට අලුත් කෙනෙක් එකතු වුනා.එයා මගෙ ජීවිතේට එකතුවීමත් එක්කම ජීවිතේ ඉලක්ක, හීන අළුත් වෙන්න ගත්ත. අරමුණක් නැති ජීවිතේට අළුත් අරමුණක් හම්බ වුනා. මට හිතට දැනෙන්න පටන්ගත්ත මට අවුරුදු 23ක් මම මගේ රටට දෙමාපියන්ට බරක්වෙන එක වැරදී කියන එක. ඒ අතරෙ ජීවිතේට අළුතෙන් එක්වුන කෙනාගෙ උනන්දු කිරීම් එක්ක මම අළුත් අඩියක් ඉස්සරහට තියන්න ලෑස්තියි. ඒ අළුත් පියවර ගැන ඉස්සරහට කියන්නම්.

සුභ පැතුම් මල්ලී ඔයාගේ මතක සටහන් අකුරු කරන්න පටන් ගත්තු එකට :) රෝයල් එකේදී අඳුනාගත්තු පුලස්ති මල්ලී දැන් ලොකු මිනිහෙක් කියලා තමා මම විශ්වාස කරන්නේ. ඉතිහාසය - පුලස්ති කාංචන කියලා පෝස්ටර් දකිද්දී අපිට ආඩම්බරයක් තියෙන්නේ මේ අපේ එකෙක් නේද කියලා.
ReplyDeleteඉතින් මේ බ්ලොග් එක දැක්කාමත් මට තියෙන්නේ එහෙම ආඩම්බරයක් වගේම සතුටක්. ඒක නිසා සිංහල බ්ලොග් අවකාශයට යහපත් යමක් කරන්න මලීට හැඛිවෙන්න කියලා සුබ පැතුම් එක් කරනවා :D
අයිය කියපු පෝස්ටරේ නම් කාලෙකින් දකින්න ලැබෙන එකක් නෑ. ගුරු ජීවිතෙන් ටික කාලෙකට ඈත් වෙන්න වෙනව අයියෙ. ගොඩක් ස්තූතියි සුබපැතුවට අයියෙ.
Deleteඑළකිරි මචෝ.... keep going..
ReplyDeleteගොඩක් thanks සහෝදරය!!!!!!!!
DeleteThis comment has been removed by the author.
ReplyDelete